කතරගම බැංකු කොල්ලයේ 5ක් අත්අඩංගුවට

  👤  3151 readers have read this article !
By mawbima 2018-09-19

තංගල්ල - සහම්පති මානගේ

බැංකු කොල්ලකා රුපියල් හත්ලක්‍ෂ අනූදහසක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනකු පෙරේදා (17දා) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හා කතරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තණමල්විල කුඩාඔය ප්‍රදේශයේ කැලයක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් අතරින් තිදෙනකු කතරගම ප්‍රදේශයේද තවත් දෙදෙනකු අම්බලන්තොට ප්‍රදේශයේද පදිංචිකරුවන්ය. පසුගිය 13 දින කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පිහිටි බැංකුවක් කොල්ලකා සේප්පුවක් තුළ තිබූ රුපියල් හත්ලක්‍ෂ අනූතුන්දහසක් සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් හාරලක්‍ෂ තිස්දහසක් පොලිස් නිලධාරීන් සොයාගෙන ඇත.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයානන්ද, පොලිස් සැරයන් සුමනසිරි (33792), පොලිස් කොස්තාපල්වරුන් වන සිරිවර්ධන (52721), හේරත් (79923), ප්‍රතාපසිංහ (79431), කමල් (35599), උදයංග (19894), මංජුල (44974), සිරිවර්ධන (62424) හා කතරගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් වන මහීපාල (37979), ප්‍රියන්ත (69659) හා ප්‍රියදර්ශන (74929) යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon