ලිංගික අතවර සිද්ධියකින් දඬුවම් ලද දෙදරු පියකුගෙන් මහාධිකරණයට අභියාචනයක්

  👤  3278 readers have read this article !
By mawbima 2018-09-19

මීගමුව- නිමන්ති ප්‍රනාන්දු

අවුරුදු 16ට අඩු බාලවස්කාර පාසල් සිසුවියක් ලිංගික අතවරයට ලක් කළේ යැයි චෝදනා ලැබ වරදකරුවකු වී බරපතළ සිරදඬුවම් ලබා සිටින විත්තිකරුවකු විසින් මීගමුව මහාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මීගමුව බස්නාහිර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් එම අභියාචනා පෙත්සම තීන්දුවට යටත් කොට විත්තිකරු රු.50,000ක මුදල් ඇප හා රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය. ඇප මත මුදාහල විත්තිකරු වූයේ හැඳල දික්ඕවිට පදිංචි සිවුදරු පියෙකි. විත්තිකරු විසින් 2006 අගෝස්තු මස 26 දින හෝ ඊට ආසන්න දිනයකදී වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වසර 7ක සිරදඬුවමක් සහ රුපියල් 5,000ක දඩයකටද යටත් වූ අයෙකි. ඊට අමතරව අතවරයට පත් ශිෂ්‍යාවට රු. 50,000ක වන්දියක් ගෙවීම ද විත්තිකරුට නියම කෙරුණි. නීතිඥ චතුර අමරතුංග මහතා අභියාචනා පෙත්සම ඉදිරිපත් කොට තිබූ අතර රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon