ජනපති ඝාතනය කරන්න එජාපයට කිසි අවශ්‍යතාවක් නෑ- මන්ත්‍රි චමින්ද විජේසිරි

  👤  3170 readers have read this article !
By mawbima 2018-09-19

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මරණයෙන් බේරාගැනීමට 2015 වසරේ ජනවාරි මස 08 වැනිදා ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්වූවා නම් තමාට පොළවේ අඩි 6ක් යට සදාකාලිකවම සිටීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බවද චමින්ද විජේසිරි මහතා පෙන්වා දෙයි.

ඒ අනුව 2015 වසරේ ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත්කොට ඒ මහතා මරණයෙන් බේරාගත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් බවත් එවැනි ක්‍රියාවක් සිදුකළ තම පක්ෂයට ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් විජේසිරි මහතා අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුවේ නායකයන්ට සූක්ෂ්මව ඝාතන සිදුකර හොඳ පළපුරුද්දක් තිබෙන නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරෙස්සම් විය යුත්තේ එම නායකයන්ගෙන් බවත් විජේසිරි මන්ත්‍රිවරයා කියා සිටී.
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූවා නම් මෛත්‍රිපාල සිරිසේන මහතා පොළවේ අඩි 6ක් යටට දැමීමට සැලසුම් කළේ කවුරුන්ද කියා කඩිනමින් රටට හෙළි කරන ලෙසට තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon