නාලක ද සිල්වාට එරෙහිව නාමල් කුමාර කරුණු කියන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ ගනුදෙනුවක් නිසා-සිංහලේ ජාතික සන්ධානයේ සභාපති

  👤  3451 readers have read this article !
By mawbima 2018-09-19

නුවන් හෙට්ටිආරච්චි

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ලබා දුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරට පොරොන්දු වූ මුදල් නොගෙවීම නිසා මෙලෙස තොරතුරු හෙළිකරමින් සිටින බව "සිංහලේ ජාතික සංවිධානයේ" සභාපති ඩෑන් ප්‍රියසාද් පවසයි.

මේ බව ඔහු සඳහන් කළේ පෙරේදා (17දා) පොලිස් කොමිසමට පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී එම සංවිධානයේ සභාපතිවරයා මෙසේද කීය.

නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පති සමඟ දීර්ඝ කාලයක් තිස්සේ නාමල් කුමාර සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඊට අමතරව එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට තොරතුරු සපයලා තියෙනවා. නමුත් නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධව මෙසේ හෙළි කිරීම්වලට පෙලඹෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීමට අදාළ මුදල් නාමල්ට නොලැබීම නිසා.

අනෙක් කාරණය තමයි නාමල්ට එම මුදල් ලැබිලා තිබුණා නම් ඔහුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්න සහාය දෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon