මරුද මඩු දේවස්ථානය පූජා භූමියක් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රා.ලේ. කාර්යාලයේදී

  👤  3120 readers have read this article !
By mawbima 2018-09-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත මන්නාරම ඓතිහාසික මරුද මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට එය සංවර්ධනය කිරීමට ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මන්නාරමේ දිසාපති කේ.ඒ. මෝහනදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහුද සහභාගි වී සිටියහ.

මන්නාරම රදගුරු හිමිපාණෝද මරුදමඩු දේවස්ථානයේ පාලක සභාවේ නියෝජිතයන්ද පළාතේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මඩු දේවස්ථානය සඳහා ඉටුවිය යුතු අවශ්‍යතාවන් මෙහිදී සාකච්ඡා කළ අතර මීට පෙර මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ගන්නා ලද තීන්දු තීරණ කොළඹ සිට පැමිණි පිරිස විස්තර කරන ලදී.

මන්නාරම මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපතිවරායා තීරණය කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපතිවරයා හදිසියේම මඩු දේවස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
මන්නාරම රදගුරු හිමිපාණෝද මරුදමඩු දේවස්ථානයේ පාලක සභාවේ නියෝජිතයන්ද පළාතේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මඩු දේවස්ථානය සඳහා ඉටුවිය යුතු අවශ්‍යාවන් මෙහිදී සාකච්ඡා කළ අතර මීට පෙර මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ගන්නා ලද තීන්දු තීරණ කොළඹ සිට පැමිණි විස්තර කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon