'තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්යභාරය' වැඩමුළුව දා

  👤  1363 readers have read this article !
By mawbima 2018-09-18

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ 'තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්යභාරය' පිළිබඳ වැඩමුළුව ඊයේ (17දා) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුවේදී මූලික දේශනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි, මාධ්‍ය පර්යේෂක හා විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.පී. ජයන්ත මහත්වරු ඇතුළු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදී මහත්ම මහත්මීහු සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon