නාමල් කුමාරගෙන් සීඅයිඩීය පැය දහයක් ප්‍රශ්න කරයි

  👤  1418 readers have read this article !
By mawbima 2018-09-18

නි.පොලිස්පති නාලක ද සිල්වා මහතා ගැන ප්‍රකාශයක් දීමට රහස් පොලිසියට පැමිණි නාමල් කුමාර මහතාගෙන් පැය දහයකට ආසන්න කාලයක් රහස් පොලිස් නිලධාරියා ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

විමර්ශනයට අදාළව තොරතුරු රැසක් තමා රහස් පොලිස් නිලධාරීන්ට පැවැසූ බව 'මව්බිම' කළ විමසීමකදී නාමල් කුමාර මහතා පැවැසීය.

තමා භාවිත කළ ජංගම දුරකථනයද පරීක්ෂණ සඳහා සිය කැමැත්තෙන් එහි නිලධාරීන්ට ලබාදුන් බවත් සිදුවන පරීක්ෂණ කටයුතු කෙරෙහි තමාට විශ්වාසයක් ඇතැයිද කියා සිටියේය.

එසේම නාමල් කුමාර මහතාට ආරක්ෂාව සපයන ලෙසට රහස් පොලිසිය කෑගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිට සහ වරකාපොළ පොලිසියට දැනුම්දී ඇත.

ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ රහස් පොලිසියෙන් පිටතට පැමිණි නාමල් කුමාර මහතාට ඔහු පදිංචි වරකාපොළ ප්‍රදේශයේ නිවෙසට යන තෙක්ම ආරක්ෂාව දීමටද රහස් පොලිසිය කටයුතු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon