අනෙකුත් ආගම් සහිත සමාජයක බුදු දහම වෘකයන් පිරිසක් විසින් වටකර ගන්නා ලද මුව පොව්වකු සේ අහිංසකයි-පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

  👤  1367 readers have read this article !
By mawbima 2018-09-18

පහන් විජේසේකර

අනෙකුත් ආගම් සහිත සමාජයක බුදු දහම යනු වෘකයන් පිරිසක් විසින් වටකරගන්නා ලද මුව පොව්වකු සේ අහිංසක බැවින් බුදු දහමට එල්ල වන අභියෝගවලට මුහුණ දීමට රාජ්‍ය ආරක්ෂාව අත්‍යවශ්‍ය යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

අන් ආගම්වල මෙන් බුදු දහමේ ආරක්ෂාවට ප්‍රතිපාදන නැතැයි පෙන්වා දුන් උන්වහන්සේ බුදු දහම ආරක්ෂා කිරීමෙහිලා රජය වගකිව යුතු යැයිද සඳහන් කළහ.

ජනතාවගේ බදු මුදල්වලින් පඩි ලබමින් රාජ්‍ය මාධ්‍ය විසින් බුදු දහමට කරනා කෙනෙහෙලිකම් කනගාටුවෙන් සහ ඉවසීමෙන් යුතුව බලා සිටින බවද උන්වහන්සේ කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17දා) පස්වරුවේ පැවැති ආනගාරික ධර්පාලතුමන්ගේ 154 වැනි ජන්ම දින සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.

ශ්‍රී මත් අනගාරික ධර්මපාල ජන්ම සාංවත්සරික ජාතික මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට මහ සංඝරත්නය හා මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - ඒශාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon