ශ්‍රී ලංකා-ඉන්දීය කාන්තා එක්දින තරගය අතරතුරදී ඔට්ටු තැබීමට සූදානම් වූ ඉන්දීය ජාතිකයන් 5 කට වැඩ වරදී

  👤  3392 readers have read this article !
By mawbima 2018-09-18

ශ්‍රී ලංකාව හා ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පෙරේදා (16දා) පැවැති තෙවැනි එක්දින තරගය අතරතුරදී ඔට්ටු තැබීමට සූදානම් වූ බවට සැකපිට ඉන්දීය ජාතික 5 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබූ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන්ට වලංගු වීසා බලපත්‍රද නොතිබූ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (17දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන කමිටුව මේ සඳහා මැදිහත් වී පොලිසියට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් අත්කරගත් අතර, එහිදී දෙපිළෙන්ම ශතක දෙකක්ද (මිතාලි රාජ් හා චමරි අතපත්තු) වාර්තා වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon