ජනකට හා නදීෂාට දක්‍ෂතම ක්‍රීඩක-ක්‍රීඩිකා සම්මාන

  👤  3305 readers have read this article !
By mawbima 2018-09-18

විචිත්‍ර වීරසිංහ

සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා අවසන් වූ 10 වැනි ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 11ක් බිහිවෙද්දී ජනක ප්‍රසාද් විමලසිරි (දුර පැනීම _ මීටර් 8.07) හා නදීෂා රාමනායක (මීටර් 400-තත්.53.03) උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ක්‍රීඩා උළෙලේදී මුළු ලකුණු 200ක් ලැබූ යුද හමුදා කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගත් අතර, පිළිවෙළින් ලකුණු 86ක් හා ලකුණු 44ක් ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගනු ලැබීය.

එහිදී යුද හමුදා කණ්ඩායම රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 19ක් හා ලෝකඩ පදක්කම් 14ක් දිනාගනිද්දී දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් 6ක්, රිදී 13ක් හා ලෝකඩ 15ක්ද, ශ්‍රී ලංකා නාවික හමුදාව රන් 4ක්, රිදී 4ක් හා ලෝකඩ 4ක් දිනාගනිමින් තෙවැනි ස්ථානය දිනාගත්තේය.

මේ අතර සත් ප්‍රයාම කාන්තා ඉසව්වේදී මුළු ලකුණු 4911ක් ලැබූ යුද හමුදාවේ ලක්ෂිකා සුගන්ධි නව ශ්‍රී ලංකා වාර්තාවක් එක් කරද්දී උළෙලේ බිහි වූ නව තරග වාර්තා 11න් 8කටම දායකත්වය සපයා තිබුණේ යුද හමුදා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon