ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

  👤  3424 readers have read this article !
By mawbima 2018-09-18

රුචිර දිලාන් මධුශංඛ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (19දා) රාත්‍රි 7.00ට මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී රැස්වේ.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු, පක්ෂ සම්මේලනය සහ නව ආසන සංවිධායක තනතුරු ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස 'මව්බිම'ට පැවැසීය.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව පක්ෂ සම්මේලන කමිටුවද රැස්වීමට නියමිතය.

සම්මේලන කමිටු සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඒ ගැන විශේෂ පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා ඇතුළු කමිටු සාමාජිකයන්ට සිදු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon