ජනපතිවරණ පෙර සූදානමට ඒකාබද්ධය අද රැස්වෙයි

  👤  3344 readers have read this article !
By mawbima 2018-09-18

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

2019 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් වීම පිළිබඳව පූර්ව සාකච්ඡා සඳහා විශේෂ සාකච්ඡා වට දෙකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) දින පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද (18දා) පෙ.ව. 11.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනාම සහභාගි වීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමද පැවැත්වීමට නියමිත අතර එය කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වෙන බවද රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව මෙරට වගේම ඉන්දියාව, පාකිස්තානය, ඇමෙරිකාව ඇතුළු විදේශ රටවලද අවධානය මේ වන විට යොමු වී ඇති බවත් මෙම කාරණා ගැනද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවැසූ රංජිත් සොයිසා මහතා මීට අමතරව ඉදිරි දිනවලදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මෙහෙයවීමට නියමිත වැඩසටහන් සහ "ජනබලය - කොළඹට" අති සාර්ථක විරෝධතා ව්‍යාපාරයේ පසු විපරමක් සිදු කිරීමටද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon