මෙම තරගාවලියේදී අපේ ඉලක්කය අපි සපුරගත්තා - ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වුඩ්ස්

  👤  3372 readers have read this article !
By mawbima 2018-09-18

අසංක ගම්මන්පිල හොංකොං සිට..

හොංකොංහි පැවැති සත් සාමාජික රග්බි තරගාවලියේදී තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං හිදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේදී බලාපොරොත්තු වූ ඉලක්කය සපුරාගත් බවයි.

එම තරගාවලියේ අවසන් දිනයේදී චීන තායිපේ කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර පසුගිය වසරේදී මෙම තරගාවලියේ 5වැනි ස්ථානයෙන් සෑහීමට පත් වෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තවද ජපානය හා හොංකොං වැනි ප්‍රබල කණ්ඩායම්වල තත්ත්වයට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට ඇති හැකියාව පිළිබඳ විමසූ විට අදහස් දැක්වූ පුහුණුකරු වුඩ්ස් "මෙම තරගාවලියට සහභාගි වූ ජපාන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල ක්‍රීඩකයන් ජාකර්තාවල පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උළෙලෙදි ජපානයට ක්‍රීඩා කළත් ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව හොඳ තරගයක් දුන්නා. සත් සාමාජික රග්බි ර¼දා පවතින්නෙ දවස අනුව. සමහර කණ්ඩායම් සාර්ථක වෙනකොට තවත් කණ්ඩායම් අසාර්ථක වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ද.කොරියාව. ඔවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනාගත්තත් මෙම තරගාවලියෙදි කණ්ඩායම් 8ක් අතුරින් ඔවුන්ට හිමි වුණේ 7 වැනි තැන" යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් පුහුණුකරු පීටර් වුඩ්ස්ගේ ගිවිසුම්ගත කාලය මෙම වසර අගදී අවසන් වීමත් සමඟ ඔහු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ළඟාකරගත් සාධනීය තත්ත්වය ර¼දා පවත්වා ගැනීමට ශ්‍රී ලංකා රග්බි පාලනාධිකාරියට ඉතා විශාල කාර්යයක් සිදුකළ යුතුව ඇත. මෙම තරගාවලියේදී ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකු නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී නාත් සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේ නවක ක්‍රීඩකයන් සමඟ තෙවැනි ස්ථානය හිමිකරගැනීමේ තත්ත්වයට ගෙන ඒමට පුහුණුකරු වුඩ්ස් තම කාර්යභාරය හොඳින් ඉටුකළ අතරම ශ්‍රී ලංකා රග්බි පාලනාධිකාරිය ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සහයෝගය ලබාදෙනු ඇති බවට වුඩ්ස් අපේක්ෂාවෙන් සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon