ගෝලීය සමුළුවේදී ජනපති-අගමැති මුහුණවත් නොබලා ගිහින්

  👤  3508 readers have read this article !
By mawbima 2018-09-18

ජේ.ටී. ද සිල්වා

ඇගැයුම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව (ඡ්මචත ඛ්ධතධථඡධ 2018) රටවල් හැත්තෑවක පමණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල...පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (17දා) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ මැති ඇමැතිවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඇරැඹිණි.

පෙරවරු 8.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණු සමුළුවට ප්‍රධාන ආරාධිතයන් පැමිණෙන විට වේලාව 9.15 විය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමුළු ශාලාවට පැමිණෙද්දී, අඩි දහයක් පමණ පිටුපසින් අගමැතිවරයාත්, කථානායකවරයාත් පැමිණියහ.

ජනාධිපතිවරයාගේ එක් පසකින් අගමැතිවරයාත්, අනෙක් පසින් කථානායකවරයාත් අසුන් ගත්හ.

ජනාධිපතිවරයාත්, කථානායකවරයාත් ‍ෙදාඩමලු වෙද්දී, අගමැතිවරයා නිහඬව සිටිනු දක්නට ලැබිණි.

සමුළුවේ පිළිගැනීමේ කතාව ස¼දහා නිවේදකයා කථානායකවරයාට ඇරැයුම් කළේය. කථානායක කරු ජයසූරිය සිය දේශනය අවසන් කර සිය අසුනට පැමිණෙන තුරු අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර කතාබහක් සිදු නොවිණි.

අනතුරුව සමුළුව ඇමැතුවේ අගමැති රනිල් වික්‍රමසිංහය. අගමැතිවරයා සමුළුව අමතා වේදිකාවෙන් පහළට බැස කථානායකවරයාට සංඥා කරමින් එම ස්ථානයෙන් නික්ම ගියේය. මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සිටි අසුනද පසු කරමින් නිහඬවම සමුළු ශාලාවෙන් ඔහු පිටව යනු දක්නට ලැබිණි.

අගමැතිවරයා එසේ යන අවස්ථාවේ ජනාධිපතිවරයාට සමුළුව අමතන ලෙස ඇරැයුම් කෙරෙමින් තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමුළුව අමතා සිය අසුනට පැමිණ විනාඩි 15ක් පමණ එහි රැඳී සිට එම ස්ථානයෙන් පිටව ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon