විස්කි බෝතල් 11ක් සඟවාගෙන ගුවනින් ආ ඉන්දියානුවාට 9000ක් දඩ

  👤  3338 readers have read this article !
By mawbima 2018-09-18

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මත්පැන් බෝතල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිස් හතර හැවිරිදි මොහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු ගුවන්තොටුපොළ සියලු පරීක්ෂණ කටයුතු නිමා කර, එයින් පිටතට පැමිණ, සිය වාහනය පැමිණෙන තෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටියදී ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී ඔහුගේ ගමන් මල්ලේ රුපියල් 38,500ක් වටිනා වැට් -69 වර්ගයේ විදේශීය නිෂ්පාදිත විස්කි ලීටර් 01 බෝතල් 11ක් සඟවා තිබූ බව පොලිසිය පවසයි.
පසුව මෙම ඉන්දීය ජාතිකයා සමඟ මත්පැන් තොගය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මෙම මත්පැන් බෝතල් සියල්ල රාජසන්තක කර, මේ පුද්ගලයාට රුපියල් 9,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ලක්මාල් බණ්ඩාර, පොලිස් කොස්තාපල් රත්නායක (39684) යන මහත්වරු මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon