ජනාධිපතිතුමාගේ ජීවිතය සුරැකීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න

  👤  3342 readers have read this article !
By mawbima 2018-09-18

තමන්කඩුව -

ගාමිණී ඔබේසේකර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් රටට හෙළිදරව් වී තිබෙන හෙයින් එතුමාගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග නොපිරිහෙළා කඩිනමින් ලබාගැනීමට පියවර ගන්නා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහස ඟරුවන ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් "මව්බිම"ට විශේෂ ප්‍රකාශයක් කළ පොළොන්නරුව ගල්තඹරාව විජයාරාම විහාරාධිකාරි කොබෙයිතුඩුවේ විජිත හිමියෝ එහිදී මෙසේ සඳහන් කළහ. "මීට පෙර පැවති කිසිදු රජයක් විසින් නොගත් තීන්දුවක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි වැටලීමේ තීන්දු තීරණ වර්තමාන ජනාධිපතිතුමා ගෙන තිබෙන බව රටවැසියන් පමණක් නොව ලෝකවාසීන්ද හොඳින් දන්නා කරුණකි.

මේ නිසා මහා පරිමාණ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙතුමාගේ ජීවිතයට යම් බලපෑමක් සිදුකිරීමට කුමන්ත්‍රණය කෙරෙන බව පසුගියදා දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාර මහතා විසින් මාධ්‍ය හරහා රටට හෙළි කළ බව දැකගන්නට ලැබුණි. මෙහි යම් සත්‍යතාවක් තිබිය හැකි බව පෙනීයන හෙයින් මේ හෙළිදරව්ව පිළිබඳව රජයේ වගකිවයුතු ආරක්ෂක අංශ වහා සොයා බැලිය යුතු බව මහ සඟරුවනේ අදහසයි.
පසුගිය 30දා නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවේදීද ලෝක නායකයන් හමුවේ ජනාධිපතිතුමා සිය කතාවේදී ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව බිම්ස්ටෙක් නායකයන් හැටියට සියලු දෙනා අත්වැල්බැඳ ගැනීම සුදුසු බවයි.

ජනාධිපතිතුමාගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඟරුවන පොළොන්නරු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon