වසරකට වල් අලි ප්‍රහාරවලින් ගොවීන් අසූවක් මිය යනවා-කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

  👤  3407 readers have read this article !
By mawbima 2018-09-18

නුවන් හෙට්ටිආරච්චි

හොඳින් වගා කරන ගොවීන්ගෙන් අසූ දෙනකු වර්ෂයකට වල් අලි ප්‍රහාරවලට ලක්වී මියයන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ "අපි වවලයි අපි කන්නේ" කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙළ යටතේ අඹ පැළ 750ක් ගොවි ජනතාවට බෙදාදීමේ උත්සවයකදීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

අපේ රටට බත සපයන ගොවි ජනතාව ආරක්ෂා කිරීම තමයි අපේ වගකීම. වන සතුන්ගෙන් වගාබිම් පාළු වෙනවා. ඒ වගේම මම දන්නවා අපේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගත්තා වැඩිපුරම අලි ප්‍රහාරවලින් අපේ රටේ මිය යන්නේ කවුද කියලා. කියන්න කනගාටුයි මට ලැබුණු දත්ත අනුව වසරකට අපේ රටේ හොඳ ගොවීන් 80කට වැඩි පිරිසක් වල් අලි පහරදීම්වලට ලක්වෙලා මිය යනවා. ඒ පැල් රකින්න ගිහින්. නැති නම් ඒ සඳහා යන එනකොට. මේ හැම ආකාරයකටම මැරෙන්නේ රටට බත සපයන ගොවීන්. ඒ නිසා ජනතාව ආරක්ෂා කර ගැනීමට ස්ථිර
වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ඒ වගේම වර්තමානයේ තවත් ගැටලු තියෙනවා. ඒ පසු අස්වනු නාස්තිය. අස්වනු නෙළුවට පස්සේ සියයට 36ක් රටට අහිමි වෙනවා. ප්‍රවාහනයේදී, ගබඩාවලදී නාස්ති වන බව තහවුරු කර ගත්තා. ඉතින් මේ සම්බන්ධව අපි දැනට සාකච්ඡා කරනවා නිසි පියවරක් ඉදිරියේදී ගන්නට.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon