අවම ගාස්තුව රු. 15 දක්වාත් සෙසු බස් ගාස්තු සියයට 10කින් ඉහළ නොදැම්මොත් සඳුදා මහ රෑ සිට අඛණ්ඩ බස් වර්ජනයක් අරඹනවා සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනය

  👤  3326 readers have read this article !
By mawbima 2018-09-18

 

උපතිස්ස පෙරේරා

පසුගිය අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 14කින් වැඩිවීම හේතුවෙන් අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වාද, සෙසු බස් ගාස්තු සියයට 10කින්ද ඉහළ නැංවීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා (24දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා රජයට අනතුරු හඟවයි.

නාරාහේන්පිට කාන්තා සමිති ප්‍රජා ශ්‍රවණාගාරයේදී ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අනතුරු ඇඟවූ අංජන ප්‍රියන්ජිත් මහතා ඉකුත් තෙමස තුළ දෙවරක් ඩීසල් මිල ඉහළ නැංවීම හේතුවෙන් කෙටිදුර ධාවන බස් රථවලින් දිනකට රුපියල් 1000-1200 අතර මුදලක්ද, දුර ගමන් සේවා බස් රථවලින් රුපියල් 1500-2000ත් අතර මුදලක්ද පාඩු සිදුවන බැවින් තවදුරටත් බස් කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් මෙම තීරණයට එළැඹීමට සිදුව ඇති බව සඳහන් කළේය.

තමන් මෙම බස් ගාස්තු වැඩිවීම ඉල්ලුම් කරන්නේ හුදෙක්ම ඩීසල් මිල ඉහළ නැංවීමෙන් සිදුවන පාඩුව මකා ගැනීමේ එකම විකල්පය ලෙස සලකාගෙන බවද එම සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා එහිදී අවධාරණය කළේය.

ඇස් නොපෙනෙන, කන් නොඇසෙන ඇමැතිවරුන්ගේ ඇස්, කන් විවර කිරීමට ඇති එකම විකල්පය මෙය බවද සභාපතිවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon