සියයට 10කින් වැඩි කළ යුතු බව කීවත් බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීරණය ගත යුත්තේ ඇමැති මණ්ඩලයයි

  👤  3446 readers have read this article !
By mawbima 2018-09-18

උපතිස්ස පෙරේරා

බස් ගාස්තු සියයට 10කින් ඉහළ දැමිය යුතු බවට සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය තමන් වෙත ඉල්ලීමක් කර තිබුණද බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණය ගත යුතුව ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් බවත් දැනටමත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව නිර්ණායකයන් අධ්‍යයනය කොට ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරගෙන යන බැවින් කුමන ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහළ දැමිය යුතුද යන්න පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම වාර්තාවක් සකස් කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ අදහස්ද සැලකිල්ලට ගෙන ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කොට මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් හෙට (19දා) පෙරවරු 9.00ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් හා බස් හිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේ කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය මඟින් තීරණය කරනු ලබන බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරන බවද බස් මගීන්ගේ සංගම් සමඟද සාකච්ඡා කිරීමට තමන් පියවර ගන්නා බවද හෙතෙම පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon