ධීවරයන් පිරිසකට පහර දීමේ චෝදනාව යටතේ නාවික හමුදා නිලධාරියෙක් හා සෙබළුන් 9 දෙනකු අත්අඩංගුවට

  👤  3308 readers have read this article !
By mawbima 2018-09-18

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නිලධාරියකු සහ සෙබළුන් 9 දෙනකු කල්පිටිය පොලිසිය විසින් පෙරේදා (16දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයන් පිරිසකට පහර දීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කීරමුන්දල් දූපතේ මුහුදු කූඩැල්ලන් වියළමින් සිටි ධීවරයන් පිරිසක් කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදු වී ඇත්තේ එම අවස්ථාවේදී බව පොලිසිය කියයි. පහර කෑමට ලක්ව ඇති ධීවරයන් 5 දෙනකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත.

රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගත් ධීවරයන් විසින් කල්පිටිය පොලිසියට මේ බව පැමිණිලි කර ඇත. ඒ අනුව අදාළ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට කල්පිටිය පොලිසිය කටයුතු කර ඇත. අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඉන් අනතුරුවය.

අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදා නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon