20ට එකඟ නැත්නම් ජවිපෙන් විකල්ප අපේක්ෂකයෙක්

  👤  2672 readers have read this article !
By mawbima 2018-09-14

අනුරාධා හේරත්

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එජාපය, ශ්‍රී ලනිප හා ඒකාබද්ධ විපක්ෂය එකඟ නොවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ජවිපෙන් විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ නැවත රටේ පොදු අපේක්ෂකයකුට ඉඩකඩක් නොමැති බවත් පොදු අපේක්ෂක සංකල්පය අවසන් වෙමින් පවතින බවත්ය.
පොදු අපේක්ෂකයන් ලෙස සිටිමින් එදා සිට දුන් පොරොන්දු සියල්ල කඩ කළ බව තේරුම් ගත් ඡන්දදායකයන් වෙනුවෙන් සිය විරෝධතාව පළ කිරීමට දේශපාලන ගිණුමක් විවෘත කරන බවද ඒ මහතා "මව්බිම"ට කීය.


කෙසේ නමුත් මෛත්‍රි, රනිල්, මහින්ද පාර්ශ්වයන්ට ඉතිරිව ඇති එකම විකල්පය විධායකය අහෝසි කිරීමට අදාළ 20 වැනි සංශෝධනයට සහාය දීම බවද හෙතෙම වැඩිදුරටත් කීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon