චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් කරන්න

  👤  2813 readers have read this article !
By mawbima 2018-09-14

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (13දා) නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා 'මව්බිම'ට පැවැසීය.

මෙම විමර්ශනයට අදාළව චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සහ අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතාගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
අපිට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ළංවෙනකොට ගෝඨාභය රාජපක්ෂට හරි මෛත්‍රිපාල සිරිසේනට හරි මාකඳුරේ මධුෂ් කියන පාතාල නායකයා යොදවා 'කරන්න පුළුවන් දෙයක් කරන්න' කියා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට පැවැසූ බව නාමල් කුමාර මහතා පෙරේදා (12දා) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය. ඊට අදාළ දුරකථන සංවාදද ඔහු මාධ්‍ය හමුවේදී අනාවරණය කර තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon