ආසියාන් සංවිධානයට හා ආසියාවේ දැවැන්තයන්ට ඉදිරියේ පැවරෙන කාර්යභාරය අති විශාලයි- 'ආසියානු භූ-දේශපාලනික ස්වරූප' සාකච්ඡා මණ්ඩපයේදී අගමැති කියයි

  👤  2476 readers have read this article !
By mawbima 2018-09-14

ආසියාව කේන්ද්‍ර කොට ගෙන ඉදිරි දශක කීපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බැවින් ආසියාන් සංවිධානයට හා ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියානු භූ දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

හැනොයි නුවර "ආසියාන්" ලෝක ආර්ථික සමුළුවේ 13දා ආසියානු භූ දේශපාලනික ස්වරූපය මැයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයට එක් වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසූයේ ආසියානු ආර්ථිකයේ අනාගතය ර¼දා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර නිදහස් නාවුක ගමනාගමනය මත බවය. ඒ නිසා කලාපීය බලවතුන්, සාගරය භාවිත කරන්නවුන්, කලාපීය සමුද්‍රාසන්න රටවල් හා සියලු පාර්ශ්වයන් එක්ව, පිළිගත් සම්මතයන්ට අනූකල නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කරලීමේ වැදගත්කමද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය ෆාම් බින් මින් (ඩ්.ඡ්. ර්ථීඩචථ ඕඪදඩ ර්ඪදඩ), දකුණු කොරියාවේ විදේශ ඇමතිනි කං ක්‍යුං වා (ම්චචදඨ ම්භදඨ - එඩච), ජපාන විදේශ අමාත්‍ය තරො කොනො (ඊචපධ ම්ධදධ) සහ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ හා ආසියානු උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ජේ‍යෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ලීන් කුක් (ච්ප.තභදද ම්ධභඬ) යන මහත්ම මහත්මීහු සාකච්ඡා මණ්ඩපයේදී අදහස් දැක්වූහ.

නව ආර්ථික ප්‍රවණතාවන් හමුවේ ආසියානු කලාපය මුහුණ දෙන අභියෝග, තර්ජන පිළිබඳ සහ ඒවා ජය ගැනීමේ සාමූහික ක්‍රියා පිළිවෙත් පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon