එජාප 72 වැනි සංවත්සරය මෙල්බන්හිදී සමරයි

  👤  2570 readers have read this article !
By mawbima 2018-09-14

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂයේ 72 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්විණි. මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබේ.

එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම උත්සවය සඳහා සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කළේ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පක්‍ෂයේ 72 වැනි සංවත්සරය නිමිත්තෙන් උත්සවයක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටු වන බවයි. වසර 72ක් පුරා වැඩ කරපු, වැඩ කරන එක්සත් ජාතික පක්‍ෂයේ ශක්තිය වන්නේ පාක්‍ෂිකයන් බවද එහිදී සඳහන් කර තිබිණි.

මව්බිමෙන් බැහැරව සිටියද හදවතින් අපේ උතුම් දේශය සහ අපගේ පක්‍ෂය සමඟ සිටිමින් මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කරන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon