අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සොයා බලන්න විශේෂ කමිටුවක්

  👤  3013 readers have read this article !
By mawbima 2018-09-14

උදයන්ති මුණසිංහ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශය නමට පමණක් සීමා වී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මේ තීරණයෙන්ම පැහැදිලි වන්නේ පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු තිබූ බව පිළිගෙන ඇති බවයි යන්න එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

මේ වන විට මේ කමිටුව පත් කළේ නම්, එම කමිටුවේ සාමාජිකයන් කවුද, එම කමිටුවේ වගකීම කුමක්ද යන්න පැහැදිලි කළ යුතු බවද ඔහු කියා සිටියේය.

පසුගිය කාලයේ නිල ඇඳුම් රෙදි, පාසල් පෙළ පොත් ආදී සෑම මිලදී ගැනීම් කටයුත්තකදීම අක්‍රමිකතා සිදු වී ඇති බව අමාත්‍යවරයා දිගින් දිගටම සඳහන් කළ අතර, පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට නිල ඇඳුම් වවුචර් දීමට හේතුවක් ලෙස පැවැසුවේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදු වූ අක්‍රමිකතා බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තුළ පසුගිය කාලයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහා සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බවත්, එහෙත් මේ දක්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අදාළ කමිටුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති බවටත් ඔහු චෝදනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon