රාජ්‍ය පරිපාලන ඇමැති හා වෘත්තීය සමිති නියෝජිත සාකච්ඡාවක් ලබන සතියේ

  👤  2531 readers have read this article !
By mawbima 2018-09-14

ජේ.ටී. ද සිල්වා

සංවර්ධන නිලධාරි සංගමය පෙරේදා (12දා) දහවල් සිය ඉල්ලීම් ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයෙන් අනතුරුව එම සංගමයේ නියෝජිත පිරිසක් රාජ්‍ය පරිපාලන ලේකම් පද්මසිරි ජයමාන්න අතර පැවැති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ලබන සතියේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම සාකච්ඡාවේදී මෙම වෘත්තීය ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් දන්වා ඇත.

සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් වැළැක්වීමට මෙන්ම සංවර්ධන නිලධාරීන්ට ගැළපෙන වෘත්තීන්හි යෙදවීම ආදී කරුණු පිළිබඳ ඉක්මන් විසඳුම් දීමට හැකිවනු ඇතැයි ලේකම් පද්මසිරි ජයමාන්න වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම්දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon