යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක බුදුරුව සහිත සාරියකින් අධිකරණයට ඇවිත්- අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඉහළින් උපදෙස් ඉල්ලයි

  👤  2775 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක් බුදුරුව සහිත සාරියක් හැඳ අධිකරණයට පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරි සඳහා 12දා පැමිණ ඇත්තේ මෙම සාරිය හැඳගෙනය.

ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් යාපනය මූලස්ථාන පොලිසිය වෙත කළ දැනුම් දීමකින් පසු එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතාබහක් යාපනය පොලිසිය තුළ ඇතිව තිබේ.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගතයුතු පොලිස් ක්‍රියාපටිපාටිය පිළිබඳව යාපනය පොලිසිය ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.

යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon