කළපු ආශි්‍රත මසුන් මිය යන්නේ අධික රශ්මිය නිසා

  👤  2626 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මුලතිව් වට්ටුවාල් හා නන්දිකඩාල් යන කළපු ආශි්‍රතව මසුන් මියගොස් ගොඩ ගසන ලද්දේ අධික රශ්මිය හා මසුන්ට උණුසුම දරා ගැනීමට නොහැකි වීම නිසා බව මුලතිව් දිසාපතිනි රූපවතී කේතීස්වරන් මහත්මිය පැවැසුවාය.

මේ පිළිබඳව සොයාබැලීමට තමන් පත් කළ ජලජීවී නිලධාරීන්ගෙන් හා ධීවර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකොට තමන් වෙත ඒ බව දැනුම් දී ඇතැයිද මුලතිව් දිසාපතිවරිය කියා සිටියාය.

පසුගිය වසරේ නියං සමයේදීද මුලතිව් හා මන්නාරම යන ප්‍රදේශ දෙකෙන්ම මේ අන්දමට මසුන් මියගිය බව ප්‍රකාශ කළ දිසාපතිවරිය කළපුවේ සීමා සහිත කොටසකට කුඩා මසුන් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටීමත් රශ්මිය ඒ මසුන්ට බලපෑම නිසා මසුන් මිය යන බවත් කියා සිටියාය.

කෙසේ වෙතත් මේ අන්දමට මියගිය මසුන් එකතු කොට වළ දැමීම සඳහා තමන් උපදෙස් දුන් බවද රූපවතී කේතීස්වරන් දිසාපතිවරිය පැවැසුවාය.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ කණ්ඩායමක් 13දා මේ මසුන් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මුලතිව් පළාතට පැමිණීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon