වටවලදී රිය සහායකයා ලොරියට යටවී මිය යයි

  👤  2521 readers have read this article !
By mawbima 2018-09-14

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලොරි රථයේ රිය සහායකයා එම රථයටම යටවී ජීවිතක්ෂයට පත්වූ බව වටවල පොලිසිය පැවැසීය.

ඊයේ (13දා) අලුයම 3ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදීය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නුවරඑළිය හාවාඑළිය පදිංචිව සිටි ධර්මලිංගම් මුරුගන් (47) නමැති තිදරු පියෙකි.

පොහොර ටොන් 10ක් රැගෙන ධාවනය කළ ලොරි රථයේ රියැදුරා සහ රිය සහායකයා විවේක ගැනීම සඳහා ලොරි රථය ප්‍රධාන මාර්ගය අබියස ගාල්කර මඳක් විවේක ගෙන යළිත් ලොරි රථය පණ ගන්වා ධාවනය කරවන අවස්ථාවේ ලොරි රථයේ ආරක්ෂාවට පසුපස රෝදයේ තැබූ අඩයක් ගැනීමට රිය සහායකයා උත්සාහ කිරීමේදී ලොරි රථය පසුපසට ඇදී රිය සහායකයා යටවී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.

අනතුර පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බව වටවල පොලිසිය කියා සිටියේය.
අනතුර පිළිබඳ ලොරි රථයේ රියැදුරාව සැකපිට වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon