සමූහ මිනී වළ ගැන තොරතුරු හැම සතියකම බදාදා පමණයි

  👤  2506 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවැති ස්ථානයෙන් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සතියකට එක් දිනක් පමණක් පැය භාගයක කාලයකට මන්නාරම අධිකරණය මඟින් සීමා කොට තිබේ.

සෑම සතියකම බදාදා දිනට පමණක් තොරතුරු සැපයීම සීමා කරන ලෙසට මන්නාරම නව මහෙස්ත්‍රාත් ටී. ස්වර්ණරාජා මහතා නියෝග කොට තිබේ.
මන්නාරම රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ මන්නාරම නව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාළ කරුණු සෑම බදාදා දිනකම උදෑසන 10.30 සිට 11.00 දක්වා පමණක් සිදුකිරීමට නියෝග ලැබී ඇති බවයි.

මන්නාරම නව මහෙස්ත්‍රාත්වරයා පසුගිය දිනවල පත්වීම ලද අතර එහිදී අදාළ සමූහ මිනී වළ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදුකළ යුතු බැවින් සමූහ මිනී වළ සම්බන්ධයෙන් තොරතුරු මන්නාරම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගන්නා ලෙසට නියෝග කොට තිබිණි.

එහෙත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන කොමිෂන් සභාව හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් සිදු කළ ඉල්ලීමක් අනුව අදාළ කැණීම් කටයුතු පිළිබඳ නිපුණතාව දක්වන කැණීම් කටයුතු භාර විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජක්ෂ මහතා වෙත අදාළ බලය ලබාදෙන ලෙසට මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම සලකා බලා මන්නාරම මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය සිදුකොට ඇති බවද රාජපක්ෂ මහතා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon