තොරතුරු දැනගැනීමේ පනත යටතේ පළමු වසරට දරුවන් ඇතුළු කිරීමේදී මවුපියන් ඉල්ලන තොරතුරු සියල්ල දෙන්න අධ්‍යාපන ඇමැතිගෙන් සියලු නිලධාරීන්ට හා විදුහල්පතිවරුන්ට උපදෙස්

  👤  2512 readers have read this article !
By mawbima 2018-09-14

ජේ.ටී. ද සිල්වා

පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුරවැසියකු විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සියලුම නිලධාරීන්ට හා විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි.

සිසුන් ඇතුළත් කර ගැනීමේදී යම් අසාධාරණයක් සිදුවී ඇතැයි පෙනී යන්නේ නම්, තොරතුරු දැනගැනීමේ පනත මඟින් ලබාදී ඇති අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගනිමින්, ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසද අධ්‍යාපන ඇමැතිවරයා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

පාසල්වලට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් යම් දරුවකු ඇතුළත් කළහොත්, 2019 වර්ෂය සඳහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළව එම දරුවා, ඇතුළත් කර ඇති පාසලෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

පාසල්වල පළමු වසරට ඇතුළත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු, තමන් ඉල්ලා සිටි පාසලට තේරී නොමැති සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටීමටද හැකියාව උදාවී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

පාසල්වලට නවක සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් අනුව සියලු විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව අවධාරණය කරන ඇමැතිවරයා, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට අදාළ ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමේදී ඉල්ලුම් කර ඇති ගණය, ඊට අදාළව ලබාගත් ලකුණු මෙන්ම අදාළ අනෙකුත් තොරතුරුද ප්‍රසිද්ධියට පත්කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බවද සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon