නාඳුනන අයෙක් රාගම මෝටර් රථවල පැති කණ්ණාඩි ගලවා පලා ගිහින්

  👤  2651 readers have read this article !
By mawbima 2018-09-14

චාමර අමරසූරිය

රාගම සොයිසාපුර නිවාස යෝජනා ක්‍රමයේ සහ වල්පොළ ප්‍රදේශයේ නිවාස කිහිපයක ගාල් කර තිබූ මෝටර් රථවල පැති කණ්ණාඩි ඇතුළු උපාංග නාඳුනන තැනැත්තකු විසින් ගලවා ගෙන පලාගොස් ඇති බවට රාගම පොලිසියට පසුගියදා (11දා) පැමිණිලි ලැබී තිබේ.

රාත්‍රියේදී මෙම නාඳුනන තැනැත්තා නිවෙස්වල තාප්පයෙන් පැන ඇතුළු වී මෙම ක්‍රියාව සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.
මීට අදාළව සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

රාගම පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon