අතුරුදන් වූ 9 හැවිරිදි දරුවකුගේ මළ සිරුර ලඳු කැලෑවක

  👤  882 readers have read this article !
By mawbima 2018-08-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාවේ කට්පහපුරම් ප්‍රදේශයේ නිවෙසකින් අතුරුදන් වයස අවුරුදු නවයක් වූ පිරිමි දරුවකුගේ මළ සිරුර පෙරේදා (18දා) පොලිසිය මඟින් ලඳු කැලෑවක තිබී සොයා ගෙන ඇත.

මේ දරුවා වයස අවුරුදු තුනක බාල දරුවා සමඟ 17දා උදෑසන නිවෙසේ සිට ඇති අතර මව හා බාප්පා රැකියාවක් සඳහා යෑමට සූදානම් වූ අවස්ථාවේදී කුඩා දරුවා අසල්වැසි නිවෙසක නතර කොට ගොස් ඇත.

වයස අවුරුදු නවයක දරුවා පමණක් නිවෙසේ සිට ඇති අතර සවස හයට පමණ ඔවුන් නිවෙසට පැමිණෙන විට දරුවා නිවෙසේ නොසිටි බැවින් ඒ පිළිබඳව අසල්වාසීන්ට පවසා තිබේ. ගම්වාසීන් පිරිසක් පෙරේදා (18දා) එළුවන් සෙවීමට ගිය අවස්ථාවේදී දරුවකුගේ මළ සිරුරක් දැක ඒ බව පොලිසියට පවසා තිබේ. මේ දරුවා ගසක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට තොරතුරු ඉදිරිපත් වී ඇතත් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිසිය පවසයි.

පොලිසිය මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහලට භාර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon