උතුරේ මහ ඇමැති අසත්‍ය ප්‍රකාශ කරමින් නන් ‍ෙදාඩවනවා - උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය

  👤  848 readers have read this article !
By mawbima 2018-08-20

මුලතිව් - ශෂිකුමාර්

"පළාත් සභාව විසුරූ පසු උතුරු ආණ්ඩුකාරවරයා කිලිනොච්චියේ පන්සල් හදන්න යයි" යන සිරස්තරලය යටතේ ජූලි 30 වැනි දින යාපනයේ පළවන දෙමළ පුවත්පතක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශයක් කර ඇති බවට පළ වූ වාර්තාවේ සඳහන් වන පරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදිකිරීම සඳහා පළාත් සභාව විසුරුවීමෙන් පසු කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින් සිටින බවට මුළුමනින්ම සාවද්‍ය බව උතුරු ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

එවැනි විහාරස්ථාන තැනීම හෝ ඉදිකිරීම සඳහා කිසිදු සැලැස්මක් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට කිසිදු සැලසුමක් සකස් කර නොමැති බවත් ඉදිකිරීමට යෝජිත විහාරස්ථාන දෙක කවරක්ද යන්න හා එය ඉදිකරන ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෙළි කරන ලෙසත් ආණ්ඩුකාර කාර්යාලය අභියෝග කරයි.

කිසිදු ආගමක් ප්‍රචාරණය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුකාරවරයා හෝ ආණ්ඩුකාර කාර්යාලය මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතර සෑම ආගමකටම ගරු කරමින් කටයුතු කරන ආණ්ඩුකාරවරයාට අභූත චෝදනා නොකරන ලෙස සී.වී. විග්නේශ්වරන් මහතාට අවධාරණය කරන බවද ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කරයි.

පටු දේශපාලන වාසි තකා හැම විටම, හැමදාමත් අසත්‍ය ප්‍රකාශ කරමින් කටයුතු කරන විග්නේශ්වරන් මහතාගේ තවත් බොරුවක් ලෙස මෙය හැඳින්විය හැකි බවද සඳහන් කරයි.

පසුගිය කාලයේදීත් උතුරේ පුනරුත්ථාපනය වූ තරුණයන්ට පුරුෂ ශක්තිය හීන වීම සඳහා එන්නත් ලබාදෙන බව ප්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ විග්නේශ්වරන් මහතා එම බොරුව හමුවේද පරාජය විය. එසේම පසුගිය දිනෙක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් 2017/285 නඩුවට අදාළව අභියාචනාධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයට සම්බන්ධව 2018.07.11, 12, 13 දිනැතිව යවන ලද ලිපි විග්නේශ්වරන් මහතාට නොලැබුණු බව ප්‍රකාශ කරමින් අසත්‍ය ප්‍රකාශ පළාත් සභාවේදී ද කළ බවට තහවුරු වී ඇත. ඉතාම මෑතකදී උතුරේ ආණ්ඩු 03ක් පවතින බව ප්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ ප්‍රධාන අමාත්‍යවරයා එම තත්ත්වය යටතේද පසුව නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කරන ලදී.

උතුරේ සිංහල ජනපද ප්‍රවර්ධනය කරන බවට චෝදනා කළ ප්‍රධාන අමාත්‍යවරයා එහිදීද අසත්‍ය ප්‍රකාශ කරන බවට සනාථ විය.

මෙවන් පසුබිමක් යටතේ උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා නුදුරේදී විසුරුවීමට යෝජිත උතුරු පළාත් සභාවේ බලය අහිමි වීම නිසා නන්‍ෙදාඩවමින්, අසත්‍ය ප්‍රකාශ කරන බව අප හට ඉතාමත් පැහැදිලියිද ආණ්ඩු කාර්යාලය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon