මහජන බැංකුවේ ලොක්කන් 2කට කෝටි 7.5ක හිඟ වැටුප්

  👤  3517 readers have read this article !
By mawbima 2018-08-20

අනුරාධා හේරත්

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනකු වැටුප් වර්ධක වැඩි කර ගැනීම තුළින් රුපියල් කෝටි 7.5ක හිඟ වැටුප් ලෙස ලබාගෙන ඇති බව කෝප් කමිටුව විසින් අනාවරණය කරගෙන තිබේ. 2001 වසරේ සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් වාර්ෂිකව 10%ක වැටුප් වර්ධක වැටුපට එක්කරගෙන ඇති බව එහිදී තහවුරු වී තිබේ.

ඒ අනුව මහජන බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරිවරයා රුපියල් මිලියන 36ක්ද, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා රුපියල් මිලියන 38ක්ද හිඟ වැටුප් ලබාගෙන ඇත.
මේ පිළිබඳව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසුවේ මෙකී සාමාන්‍යාධිකාරිවරයා සේවයට බඳවාගෙන ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත රුපියල් ලක්ෂයක වැටුපකටය. අද වනවිට ඔහු ලබන මාසික වැටුප රුපියල් ලක්ෂ 21ක් බවය.

එම සාමාන්‍යාධිකාරිවරයාග් සේවා කාලයට මේ වසරේ ඔක්තෝබර් වනවිට වසර 60ක් සපිරෙන නමුත් ඔහු විසින් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා ඇති බවද කෝප් කමිටුව අනාවරණය කරගෙන ඇත.

එකී ඉල්ලීම වහාම අත්හිටුවන ලෙස කෝප් කමිටුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර එය පිළිගනිමින් අමාත්‍යාංශ භාණ්ඩාගාර ලේකම්වරයා කෝප් කමිටුවට පිළිතුරු ලිපියකින් දැනුම් දුන් බව හඳුන්නෙත්ති මහතා 'මව්බිම'ට කීය.

හඳුන්නෙත්ති මහතා පැවැසුවේ එවැනි සේවා දිගුවක් ඉල්ලීම නරක පූර්වාදර්ශයක් සේම මහජන බැංකුවට ඉහළ නිලධාරීන් පත් කිරීමට සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා ගත යුතු බවද තම කමිටුව දැනුම් දුන් බවයි.

කෙසේ නමුත් එකී වැටුප් විසමතාව සැඟවීම සඳහා එම වැටුප් මහජන බැංකුව හරහා වෙනත් (ර්ඉඹ්) සමාගමක් හරහා ගෙවා ඇති බවද හෙළි වූ බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලද තොරතුරු අනුව එම වැටුප් සැකසීම වෙනුවෙන් එම සමාගමට මසකට රුපියල් 35,000ක් ගෙවා ඇති බවද දැනගන්නට ලැබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon