එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය රාජිතට?

  👤  3472 readers have read this article !
By mawbima 2018-08-20

ජේ.ටී. ද සිල්වා

සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයට පත්කර ගැනීමට යයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම මේ වනවිට පවත්වා ඇතැයි එම පෙරමුණේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය.

දැනට ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලනි පක්‍ෂයට සම්බන්ධ පිරිසක්ද එම පෙරමුණ හා එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
යහපාලන රජයට වසර තුනක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් කළුතර බෝධිය අබියස සංවිධානය කර තිබූ දානමය පින්කමට වැඩම කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ මෙහිදී අනුශාසනාවක් පවත්වමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන නායකයෙක් යැයි පවසා ඇත.

රාජිත සේනාරත්න මහතා පසුගියදා යාපනය ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් උතුරේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කළේය.

එක්සත් ජාතික පෙරමුණ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ නායකත්වය යටතේ සංවිධානය කිරීමේදී පළාත් පාලන ආයතන නියෝජනය කරන විශාල සභිකයන් පිරිසක් සහාය දැක්වීමට එකඟත්වය පළ කර ඇති බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon