ආනමඩුවේ හෝටලයකට පහර දී ලක්ෂ එකහමාරක් කොල්ල කයි

  👤  3424 readers have read this article !
By mawbima 2018-08-20

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත,
හලාවත _ ප්‍රසාද් පූර්ණමාල්

ආයුධ සන්නද්ධව ආනමඩුව ආ¾ඩිගම ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී එහි හිමිකරු හා ඔහුගේ බිරියට පහර දී දේපළවලට අලාභ හානි සිදුකර රුපියල් 1,50,000ක මුදලක් කොල්ලකා පලාගිය සිවු (04) දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. හෝටලයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ කණ්ඩායම හෝටලයේ දේපළ රැසකට බරපතළ හානි සිදුකර ඇත. පෙරේදා (18දා) රාත්‍රි දහයට පමණ මේ ප්‍රහාරය එල්ල කර තිබේ. මේ සඳහා කඩු, පොලු රැගත් සිවු දෙනකු පැමිණ ඇත. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහි නායකත්වය උසුලා ඇති අතර ඔහු ප්‍රදේශයේ දේශපාලකයකුගේ සමීපතමයකු බවද වාර්තා වේ.

මේ පහරදීමට ප්‍රධාන හේතුව වසරක පමණ කාලයක සිට හෝටලයෙන් ලබා ගන්නා ලද ආහාර සඳහා මුදල් ඉල්ලා සිටීම බව හෝටල් හිමිකරු ජයන කුමාර මහතා පැවැසීය. පහරදීමට පැමිණි සියලු දෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් තමන්ට හා බිරියට පහර දීමට උත්සාහ කළත් තමන් සැඟවී ජීවිතය බේරා ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මේ සිදුවීම මුල සිට අග දක්වා සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබේ. මේ පිළිබඳව හෝටලයේ හිමිකරු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් පණිවුඩයක් මත වහා ක්‍රියාත්මක වූ ආණමඩුව පොලිසියේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා රාත්‍රියේ සිටම මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පහරදීමෙන් හෝටලයට රුපියල් ලක්ෂ විසිපහකට වැඩි හානියක් සිදුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon