නයාරු ගම්මානයේ සිංහල ධීවරයන් ඉවත්ව ගියේ රවිහරන් මන්ත්‍රිගේ බලපෑම මතයි

  👤  3543 readers have read this article !
By mawbima 2018-08-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ,මුලතිව් - ශෂි කුමාර්

මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සිංහල ධීවරයන් ඉවත්ව ගියේ උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්‍රිවරයාගේ බලපෑම මත යැයි පළාතේ වැසියෝ කියා සිටිති.
මේ ධීවරයන්ට නයාරු ගම්මානයෙන් ඉවත්ව යන ලෙසට මන්ත්‍රිවරයා අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබිණි.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවටද යෝජනාවක් ඉදිරිපත් කළ රවිහරන් මන්ත්‍රිවරයා මුලතිව් මුහුදු කලාපය දෙමළ ධීවරයන්ට පමණක් සීමා විය යුතු බව පෙන්වා දී තිබේ.

මුලතිව් පළාතට පිටස්තර පළාත්වලින් පැමිණ සිටින ධීවරයන් වහාම පිටව යා යුතු බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඔවුන්ට චෝදනා කළේ මේ ධීවරයෝ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදෙන බව පවසමිනි.

ධීවරයන්ට එරෙහිව මන්ත්‍රිවරයා මුලතිව් දෙමළ ධීවරයන් 2000ක් පමණ කැඳවා විශාල උද්ඝෝෂණයක් මුලතිව් නගරයේදී පවත්වන ලදී.
ඊට දින කිහිපයකට පසුව මුලතිව් නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීම සිදුවුණි.

ධීවර වාඩිවලට ගිනි තැබීමේ සිද්ධියෙන් පසුව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා බියට පත් දකුණේ සිංහල ධීවර පවුල් නයාරු ධීවර වාඩි අතහැර ගොස් තිබේ.
ධීවර වාඩිවලට ගිනි තැබීමේ සිද්ධියත් සමඟම පළාතේ නිර්මාණය වූ අයහපත් වාතාවරණය නිසා නයාරු සිංහල ධීවරයන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යෑම සඳහා ආරක්ෂාව සපයා දෙන මෙන් කළ ඉල්ලීමට අනුව දකුණේ ඔවුන්ගේ නිවෙස් වෙත යෑම පිණිස මුලතිව් පොලිසියෙන් ආරක්ෂාව සපයා දී තිබේ. මුලතිව් නයාරු මුහුදේ මේ දකුණේ ධීවරයෝ එම කර්මාන්තයේ නිරතව සිටින්නේ මීට වසර හැත්තෑවකටත් ඉහත සිටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon