ට්‍රාන්ස්කෙම් ස්ථානීය පොහොර භාවිතයෙන් රසායනික පොහොර භාවිතය සියයට 50කින් අඩු කර ගත හැකියි

  👤  3366 readers have read this article !
By mawbima 2018-08-20

නුවන් හෙට්ටිආරච්චි

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන ට්‍රාන්ස්කෙම් ස්ථානීය පොහොර භාවිත කරන්නේ නම් රසායනික පොහොර භාවිතය සියයට 50කින් අඩු කරගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

රටේ සියලුම ප්‍රදේශවල පස්වල සංයුතිය පරීක්‍ෂණයට ලක්කර එම වාර්තාව අමාත්‍යවරයාට පසුගියදා ලැබීමෙන් අනතුරුව හෙතෙම මේ බව පැවැසීය.

රටේ බොහෝ ප්‍රදේශවල පස් තුළ අඩංගු පොස්පරස් හා පොටෑසියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවත් නමුත් ඒ බව නොදැන ගොවීන් රසායනික පොහොර වැඩියෙන් භාවිත කරන බවත් පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත රසායනික පොහොර භාවිත නොකර පස් විශ්ලේෂණ කට්ටල ආධාරයෙන් ස්ථානීය පොහොර භාවිත කිරීම සුදුසු බවයි.

පස පරීක්‍ෂා කර පෝෂක ද්‍රව්‍ය පසට යෙදීම පැරැණි ක්‍රමයක් වුවත් ඊට අධික ලෙස වියදම් වන බැවින් මෙම ට්‍රාන්ස්කෙම් නමින් හඳුන්වා දුන් ස්ථානීය පාංශු
පරීක්‍ෂණ කට්ටලය ගොවියාට භාවිත කිරීමට පහසු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම පාංශු පරීක්‍ෂණය කෘෂිකර්ම දෙපාර්ත-මේන්තුවේ ජාතික උපදේශක ඩී.එන්. සිරිසේන මහතා විසින් සිදුකළ බවත් එම පරීක්‍ෂණය ගන්නෝරුව, බතලගොඩ, මහඉලුප්පල්ලම, බණ්ඩාරවෙල හා මාකඳුර වැනි පර්යේෂණායතන තුළ කාලයක් සිදු කළ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එසේම රජය වසරකට රුපියල් මිලියන 33,000ක් වියදම් කර රසායනික පොහොර මෙට්රික් ටොන් ලක්‍ෂ 10ක් ගෙන්වන බවත් එමඟින් පසෙයි නැවුම් බව ඉවත් වී ආම්ලික වන බව සඳහන් කරන අමාත්‍යවරයා වස විසෙන් තොර ආහාර සඳහා මුළු ලෝකයේම අවධානය ලක්වන කාලයක මෙවැනි ට්‍රාන්ස්කෙම් ස්ථානීය පොහොර හඳුන්වාදීම ඉතාමත් වටිනා බව පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon