ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ තීන්දුව යහපාලන ආණ්ඩුවක් ලෙස ගත් වැරැදි තීන්දුවක් - ඇමැති රාජිත සේනාරත්න

  👤  3374 readers have read this article !
By mawbima 2018-08-20

ජේ.ටී. ද සිල්වා

'ග්ලයිෆොසේට්' පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය 'ග්ලයිෆොසේට්' තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්' බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න චෝදනා කරයි.

රජය ගත් එම තීන්දුව වෙනස් කළ යුතුයි. ඇමෙරිකාවේ අධිකරණ තීන්දුවට අනුව ලෝකයේ සෑම රටකටම 'ග්ලයිෆොයේට්' තහනම් කිරීමට සිදුවෙනවා. ලක් රජයටත් එම තහනම යළි ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා' යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය. රජය 'ග්ලයිෆොසේට්' තහනම් නොකළහොත් 'ග්ලයිෆොසේට්' යොදා තේ වගා කිරීමෙන්, තේවල පිළිකාකාරක ඇති බව ලොව තේ ආනයනකරුවන් ප්‍රකාශ කළහොත් ශ්‍රී ලංකාවට ආර්ථිකමය ගැටලුවක්ද පැනනැඟීමට ඉඩ තිබෙනවා' යැයි ඇමැතිවරයා අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon