වජ්පායි මහතා ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක්

  👤  3415 readers have read this article !
By mawbima 2018-08-20

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු වූ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය තමන්ට සංවේගය දනවන්නක් යැයි ශ්‍රී අතල් බිහාරි වජ්පායි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.
ලෝක භූ දේශපාලන පරිවර්තනයන් සිදුවන අවස්ථාවක එතුමන් ඉන්දියාවට නායකත්වය දෙමින්, ජාත්‍යන්තර වේදිකාවේ ඉන්දියාවේ නැඟී සිටීම තහවුරු කළේය. ඒ සමඟම දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු අසල්වැසියන් සමඟ මිත්‍රත්වය ශක්තිමත් කළේය.

1975 වසරේ සිටම එතුමන් සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය ලදිමි. 2001-2004 වසරවල මා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී අප දෙදෙනා ඉතා සමීප සබඳතා පැවැත්වීමු. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය උදෙසා එතුමන් ඉටු කළ සේවාව අති විශිෂ්ටය.

මේ උදාර මිනිසා සමඟ මගේ මිත්‍රත්වයේ මතක සදා අමරණීයය.

ඉන්දීය ජනතාව හා පවුලේ සාමාජිකයන් සමඟ සංවේගී සිතුවිලි බෙදා හදා ගන්නෙමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon