ශ්‍රී ලනිප මහ සමුළුවට 16න් කොටසක් නෑ

  👤  2878 readers have read this article !
By mawbima 2018-08-19

රුචිර දිලාන් මධුසංඛ

ලබන මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
මහ සමුළුව සඳහා 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගෙන් කොටසක් සහභාගි නොවීමට තීරණයක් ගෙන ඇතැයි එම කණ්ඩායමේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයකු 'මව්බිම'ට පැවැසීය.

මේ වන තෙක් පක්‍ෂ බල මණ්ඩල පවා නොපැවැත්වීමෙන් ඔවුන් ඊට සහභාගි නොවන බව තහවුරු වී ඇතැයි හෙතෙම කියා සිටියේය.

ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, සුසන්ත පුංචිනිලමේ, ලක්‍ෂ්මන් යාපා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි, තාරානාත් බස්නායක ශ්‍රී ල.නි.ප. සමුළුව සඳහා සහභාගි නෙවනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ල.නි.ප. ආසන බල මණ්ඩල කැඳවා ඇති ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, සුමේධා ජයසේන, තිලංග සුමතිපාල මන්ත්‍රිවරුන් සමුළුවට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ. මේ අතර ඉදිරි සති 2ක කාලය තුළ ආසන බල මණ්ඩල කැඳවා නොමැති සියලු ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කරනු ඇතැයි පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පැවැසීය. සැප්තැම්බර් මාසය තුළ පක්‍ෂයේ සමුළුව පැවැත්වෙන බැවින් ඊට පෙර දිවයිනේ සියලුම ආසනවල ආසන බල මණ්ඩල පිහිටුවා අවසන් කරන බවද මහ ලේකම්වරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon