බස්නාහිර පළාත් සභාවේ තවත් ගැහිල්ලක්

  👤  2857 readers have read this article !
By mawbima 2018-08-19

රුචිර දිලාන් මධුශංඛ

රුපියල් මිලියන 70කට බස්නාහිර පළාත් සභාවේ කැමරා පද්ධතිය සවි කිරීමට ලැබුණු ටෙන්ඩර් පත්‍රය ඉවත දමා රුපියල් මිලියන 100ක ටෙන්ඩරයකට එය ලබාදීමට කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග 'මව්බිම'ට හෙළි කළේය. ඒ අනුව තමාට වූ අසාධාරණය ගැන රුපියල් මිලියන 70ක ටෙන්ඩර් පත්‍රය ඉදිරිපත් කළ සමාගමේ ප්‍රධානියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇති බවද එම ආරංචි මාර්ග හෙළි කළේය. බැලූ බැල්මට මෙම ටෙන්ඩර් පත්‍රය ඉවත දමා රුපියල් මිලියන 100කට කැමරා පද්ධතිය සවි කිරීම සඳහා ලබාදීම පිටුපස මිලියන 30ක් කාගේ හෝ සාක්කුවට යන බවද මිලියන 70 ටෙන්ඩර් සමාගමේ ප්‍රධානියා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. කෙසේ වෙතත් සභාවේ පුටුවක් ස්පාඤ්ඤයෙන් ආනයනය කිරීම සඳහා රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් වැය වන බවට මේ දිනවල දැඩි කතාබහක්ද ඇති වී තිබේ. එම නිසා තට්ටු 15කින් යුත් නව පළාත් සභා ගොඩනැඟිල්ලේ විවිධ වංචා දූෂණ රැසක් හෙළිවෙමින් පවතින අතර ඒ ගැන සම්පූර්ණ විගණනයක් සිදු කරන ලෙස විගණන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලන බව පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් නිපුනආරච්චි 'මව්බිම'ට කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon