මහින්ද CIDයට දීපු උත්තරේ

  👤  3078 readers have read this article !
By mawbima 2018-08-19

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

තමාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්නේ රටේ නායකයන්ගේ අනුදැනුම ඇතිව බවත් දේශපාලන වුවමනාවන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් එසේ සිදුකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පසුගිය සිකුරාදා (17දා) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස වෙත රහස් පොලිසිය පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

මගෙන් ප්‍රශ්න කළේ කරු ජයසූරිය මට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය කියන ප්‍රස්තුතය යටතේයි. ඒ කියන්නේ කරු ජයසූරිය එම දුරකථන ඇමතුම මට ලබාදුන්නායින් පසුව මාධ්‍යවේදී කීත් නොයාර් මහත්මයා නිදහස් වී තිබෙනවාලු. මෙහෙමයි ඉතින්, මට දුරකථන ඇමතුම් බොහෝමයක් එනවා. මට දුරකථන ඇමතුම්වලින් ලැබෙන සෑම ඇමතුමක්ම මතක තියාගෙන ඉන්න බැහැ.

නමුත් මගෙන් ඛ්ධ්ච් එක ඒ කාරණය පිළිබඳව ප්‍රශ්න කළා. මම ඔවුන්ගෙන් එවිට ඇසුවේ ඉතින් එහෙම මනුස්සයෙක් නිදහස් වෙන එක වැරැදිද කියලායි.

ඛ්ධ්ච් සාමාජිකයන් පස් දෙනකු පමණ මගෙන් ප්‍රශ්න කරන්නට සහභාගි වුණා. ඉතින් මට නම් දැනුණේ සාමාන්‍යයෙන් මේ වෙනකොට අපේ රටේ තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳවයි. පළිගැනීමේ චේතනාවයි මේවා පිටුපස තිබෙන්නේ.

මේ වගේ දේවල් අපිට හොඳට පුරුදුයි. ආණ්ඩුව මේ වගේ කාරණා දාලා අපිට චෝදනා කළාට මට එහෙම චෝදනා නැහැ. මම කාවවත් පැහැරගෙන නැහැ.

මගෙන් ඇහුවා ඒ කාලේ නිලධාරීන්ව විවේචනය කරලා ඒ කාලේ පුවත්පත්වල තිබුණාද කියලා. මම කිව්වා ඒ දේවල් හැම කාලෙම තිබුණා කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ කරු ජයසූරිය මට කතා කළේ රෑ11.20ටලු. මම නම් ඒ ගැන දන්නේ නැහැ. එයාලා තමයි ඒක කියන්නේ. ඒකෙන් පේන්නේ මම 10ට නිදා ගන්නේ නැහැ කියන එකයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon