තලතාගේ මාරුවීම්වලට එරෙහිව බන්ධනාගාර නිලධාරි සංගම් 3කින් ජනපතිට පැමිණිල්ලක්

  👤  2821 readers have read this article !
By mawbima 2018-08-19

කුමුදු උපුල් ශාන්ත

බන්ධනාගාර අමාත්‍යාංශය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිදු කරමින් පවතින හදිසි ස්ථාන මාරු කිරීම් වහාම නවතා දමා තමන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙස බන්ධනාගාර නිලධාරි සංගම් තුනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට යයි.

බන්ධනාගාර ජේලර්වරුන්ගේ සංගමය, සැරයන්වරුන්ගේ සංගමය හා නියාමකවරුන්ගේ සංගමය යන සංගම් තුන ජනාධිපතිවරයා වෙත එකී පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද දැන ගැනීමට තිබේ. පසුගිය දින කීපය තුළ කොළඹ බන්ධනාගාර ආයතන තුනේ සේවයෙහි නියුතු උසස් නිලධාරීන් ඇතුළු පනහක පමණ පිරිසක් ඉතා හදිසියේ ස්ථාන මාරුකර ඇති බවත් මේ හේතුවෙන් මුහුණපා ඇති දුෂ්කරතාවන් සඳහන් කරමින් ඔවුන් එසේ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද දැනගැනීමට තිබේ.

දූෂිත නිලධාරීන් සිටී නම් ඔවුන් කවුද යන්න පිළිබඳව නිසි ලෙස හඳුනා නොගෙන සිදු කරමින් පවතින මෙකී ස්ථාන මාරු කිරීම් හේතුවෙන් යහපත් කල්ක්‍රියාවෙන් සේවය කරන නිලධාරීන්ටත් විශාල අසාධාරණයක් සිදුව ඇති බව සිය පැමිණිල්ල මඟින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අනාවරණය වෙයි.

මෙකී හදිසි ස්ථාන මාරු කිරීම් හේතුවෙන් වැලිකඩ, මැගසින් හා කොළඹ බන්ධනාගාර ආයතන තුනේ නිලධාරීන් දැඩි ලෙස මානසික පීඩාවට පත්ව ඇති බවත් ඉදිරියේදී සෙසු බන්ධනාගාරවල නිලධාරීන්ද එවැනි තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බැවින් වහාම මෙකී අසාධාරණ ස්ථාන මරු කිරීම් නවතා දූෂිත නොවන නිලධාරීන්ට සාධාරණයක් ඉටු කර දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එකී සංගම් තුන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon