ආණ්ඩුවේ මන්ත්‍රින් රඳවාගන්න ලක්‍ෂ 2 ගාණේ කප්පම් දෙනවා

  👤  2853 readers have read this article !
By mawbima 2018-08-19

අනුරාධා හේරත්

ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් අතිරේක මුදලක් ලබා දීම මන්ත්‍රිවරුන් ආණ්ඩුවේම තබා ගැනීමට දුන් කප්පමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජවිපෙ නායකයා 'ඉරිදා මව්බිම'ට පැවැසුවේ එකී මුදල් ලබා දීම මුළුමනින්ම රාජ්‍ය මූල්‍ය විනය උල්ලංඝනය කිරීමක් බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් බවයි. ඒ අනුව එකී මුදල් වැඩි කළේ අය වැයේ කවර වැය ශීර්ෂය යටතේද සහ එය මුළුමනින්ම ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම තමන් වෙත තබා ගැනීමේ කප්පමක් නොවන්නේ කෙසේද යන්න ප්‍රශ්න කිරීමකට තම පක්ෂය බලාපොරොත්තු වන බවද දිසානායක මහතා කීය. ඔහු පැවැසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලබාදෙන වැටුප් හා අනෙකුත් වරප්‍රසාද නිශ්චිත කර ඇති අතර මේ ආකාරයට තම තමන්ට බෙදා ගැනීමේ සම්ප්‍රදාය අහෝසි කළයුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon