වජ්පායිගේ අභාවයට ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ ශෝකය

  👤  2858 readers have read this article !
By mawbima 2018-08-19

තෙවරක්ම ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්ව නූතන ඉන්දියාව ගොඩනැංවීමේ ලා පුළුල් මෙහෙවරක් ඉටු කළ භාරත් රත්න ශ්‍රී අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සාතිශය සංවේගය පළ කරන බව එහි සභාපති බානගල උපතිස්ස නාහිමියෝ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිති.

අද්‍යතන ඉන්දියාවේ විශිෂ්ට නායකයකුගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටින සමස්ත ඉන්දියානු ජනතාව සමඟ ශෝකය බෙදා ගැනීමට තමන් වහන්සේත් ශ්‍රී ලංකා මහා බෝධි සංගමයත් එක්වන බව උපතිස්ස නාහිමියෝ එම නිවේදනය මඟින් තවදුරටත් සඳහන් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon