සියපතගම ජන අයිතියට

  👤  2790 readers have read this article !
By mawbima 2018-08-19

නව උදාගම් වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 104 වැනි උදා ගම්මානය වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, පිලාන, කැරැන්කැටියේ ඉදිවූ "සියපතගම" යි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම ගම්මානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

නිවාස 25කින් සමන්විත "සියපතගම" ගම්මානය ඉදිකිරීම ඇරඹෙුණේ 2016 මැයි මස 26 වැනිදාය. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩු පොලී නිවාස ණය ලබාදී තිබේ. මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිවූ උදා ගම්මානයකි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon