'මව්බිම' 7 වැනි සංවත්සරය තිළිණ නිවෙසට මුල්ගල තැබීම 28දා සුබ මොහොතින්

  👤  2794 readers have read this article !
By mawbima 2018-08-19

නොවැම්බර් මස 18 වැනි දිනට යෙදෙන 'මව්බිම' සහ 'CeylonToday' පුවත්පත්වල 7 වැනි සංවත්සරය නිමිත්තෙන් 'මව්බිම තිළිණ නිවෙස' නමින් අපගේ පාඨකයකු හට නිවෙසක් ලබාදීමට අප විසින් පියවර ගනු ලැබුවේ පසුගිය මස 15 වැනිදා සිටය.

සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගම සමඟ දුලාන් ආසිරි හෙට්ටිආරච්චි පදනම අත්වැල් බැඳ ගනිමින් මෙම උතුම් සද්කාර්යය මාසයක් පුරාවට පැවැත්විණි. මාසයක් පුරාවට අප වෙත ලැබුණු දස දහස් ගණන් කූපන්පත් අතරෙන් ජයග්‍රාහකයකු තෝරා ගැනීම පසුගියදා අප කාර්යාල පරිශ්‍රයේදී සිදු විණි.

එහිදී තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති 181/බී වෙළෙන්දාව ග්‍රාම නිලධාරි වසමේ පදිංචි කේ.ජී. නන්දන මහතාය.

දුලාන් ආසිරි හෙට්ටිආරච්චි පදනම අනුග්‍රහය ඇතිව නිවෙස හැදීමේ ආරම්භක කටයුත්ත අගෝස්තු මස 28 වැනිදා අඟහරුවාදා උදෑසන 10.00ට යෙදෙන සුබ මොහොතින් කේ.ජී. නන්දන මහතාගේ ඉමදුව, වල්පොළ, බවුල්කැටකන්ද ඉඩමේදී කෙරේ. නිවෙස භාරදීම නොවැම්බර් මස 18 වැනි දිනට යෙදෙන අපගේ සංවත්සර දිනයේදී සිදු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon