උඹලගෙ පස්සවල් වගේද මේවා...

  👤  3282 readers have read this article !
By mawbima 2018-08-19

"පුටු ලාභයි.... පුටු ලාභයි.... හැම තැනම නැහැ.... හැමදාම නැහැ..... මේවා විදුලි පුටු නෙවේ ඔරිජිනල් ගෝල්ඩ්වලින් හදපුවා.... ලාභයි... ලාභයි... සේල්... සේල්...!"
"පොං.... අයියේ බලහන්කෝ පුටු වෙළෙන්දෙක් ඇවිල්ලා..... අපේ ඔපීසියටත් පුටු දෙකක් ගමුකෝ.....?"
"මේ.... පිං මල්ලියේ.... අපේ ඉසිරේ දේවා මුදලාලියා නොවැ.... මොකද අප්පේ පුටු වෙළෙ¼දාමට බැහැලා....?"
"වැඩිකල් නොගොස් පුටුවට කෙළවෙනවා කියලා දැනුණු නිසා පුටු ටික විකුණාගන්න හිතුණා....!"
"බලමු.... කීයක් වෙනවද එකක්....?"
"අපෝ සුළු ගාණයි... සුළු ගාණයි..." එකක් 6,50,000 යි....?"
"වැඩිනේ අප්පා....?"
"හ්ම්.... හරි.... 6,40,000/=ට දෙන්නම්.....!"
"යකඩෝ.... අපේ ගමටම ගෙනාවත් ඔච්චර වෙන්නේ නැහැනේ....?"
"යකෝ උඹලාගේ පස්සවල් වගේද මේවා.... මේවා පිනට පහළ වෙච්ච ඒවා... මොනතරම් උඹලා වෙනුවෙන් මොළේ කල්පනා කරලා පස්ස රත්කරගත්තාද....!"
"ඉතින් ඔයිට වැඩිය අඩුවෙන් ගන්න බැරිද...?"
"යකෝ පස්සෙන් කරන දේට ලෝසි මැඩම්ස් ලක්ෂ පනස් හතක් වැය කරනවා නම් වැඩේ කරවන පස්සට ලක්ෂ හයාමාරක් වැයකළාම මක්වෙනවාද....?"
"ඉතින් ඔච්චර වැය කොරලා මොකක්ද ලැබෙන ප්‍රයෝජනේ.....?"
"ඊළඟ ඡන්දෙදි ලැබෙන ප්‍රයෝජනේ....!"
"මොකක්ද මනාප වැඩිවෙන එකද...?"
"නැහැ පුටුවෙන් විසිවෙලා පස්ස බිම ඇනගන්න එක....!" එහෙම කියපු ඉසුරේ පුටු විකුණන්න ගියා.
"මොකද බං ගෝල් ෆේසයේ අම්බානකට සෙනඟ පිරිලා....?"
"මැයි රැලියක්වත්ද..... මේ ලාලහාමි මොකද මේ සෙනඟ....?"
"මේ තමයි දෙලක්ෂයේ ජනතාව....!"
"අම්මට හුඩු බේ්‍රන් එක චැක් කොරන්ඩ ගෙනල්ලාද....?"
"ආ...........? තමුසේ ඇයි එහෙම අහන්නේ......?"
"නැහැ ඉතින් හතරෙන් තුනකම දැන් මෙළේ මඤ්ඤං වෙලානේ......!"
"අයිෂේ..... කිං පරා සෑර් කියනවා මේ, නිදහසේ හුස්ම ගත්තු වසර තුනක් කියලා....!"
"ඒක හරියට හරි.... හුස්ම ගන්න පොරගේ අවසරයක් ඕනැද......?" නිදහසේ හුස්ම අරගෙන ජීවත්වෙන්ඩ ලේ පිච්චි පිච්චි කල්පනා කොරනවා.......!"
"එතකොට කාටද නිදහස....?"
"ඇයි ලාලහාමි අපිට ලෙච්චිමීගේ පාලනයක් දීලා ආතල් එකේ උන්ගේ පාලනය කරගත්තා හූ ඇන් පී බැටෑලිනය....!" එහෙම කියපු පිං මලයා පැනලා එන්ඩ ආවා.
"ඇත්තටම පොං අයියේ මොකද අර ඒකාබඩ්ඩේ පොරවල් ටික වටමේස සාකච්ඡාවක.....?"
"ජිල්බු තුමත් ඉන්නවා.... සෑර් වට්ස් ද ප්‍රොබ්ලමය.....?"
"ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කිව්වට පොඩි කොස්සක් තියෙනවා බං.....!"
"චැක්...... ඒ මොකක්ද....?"
"කට්ටියගෙම පට්ටමට කෙළවෙනවා....!"
"දැන් මොනවැයි කරන්නේ......?"
"කමිටුවක් දානවා.......!"
"අප්පා.......... ඒ මොකද........?"
"ආණ්ඩුව වගේම මේකත් ඇදගෙන යන්ඩ........!"
"කොච්චර කාලයක්ද.......?"
"තව එකහමාරක්.........!"
"ඊට පස්සේ..........?"
"වැල යන අතට මැස්ස ගහනවා! එහෙම කියපු ජිල්බුතුමා කමිටුව රැස්කරන්න පටන් ගත්තා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon